මෙලෙස කියමි

ගත කොමලය, හඬ මිහිරිය හැඩ කාරී...
නෙත කමලය, සිත නිමලය ඈ සොඳුරී...

මන සොබමින, සුව ගෙන එන හඬ මිහිරී...
කන ගැටුමින, මගෙ හදවත යයි ඉතිරී...

නැත සෝභන, ඇත යහගුණ සිතෙහි පිරී...
ඇත මා මන, ඈ වෙත අද සොමින් පිරී...

මා කෙලෙසද, පවසනු මැන මේව හරී...
ගොතලා පද, කිමි සිතුවිලි හදෙහි පිරී...

Comments

Popular Posts