වෙනසක්
නුඹ පහළ ම ලඳේ
එක්වන්න මෙ සඳේ
පෙර සිත්ම නොම දේ
වෙනසක් මසිතේ
පුපුරමින් තුසිතේ
ගුගුරමින් දසතේ
නුඹගේ අවසර සෙමින් පතතේ
නුඹ වෙතය දෙව්ලි
සිටිනු යුතු ඉහලි
මා සිත්හි මැව්ලි
එසේ එක්වනු හැකිද හවුලි
එවැනි මා ආශා
එහි නොමැති දෝෂා
වෙමි තුරඟ වේෂා
විඳිමු එලෙසින් මිහිරි ගෝෂා
ඇතොත් ඒ අවසර
දෙමි සුරලො හරසර
වෙතෙක් රත් පැහැබර
විඳිමු එක්වී ආලෙ පැහැසර
Image source: https://public-dm2305.files.1drv.com/y4plWOpCxADwK7k6j32lQPgNhOGX-sPm7gF_iiYBGY1WcmmtLAv4dBxq8R200PzTzDB1Bbwu03TUS3XfZlBPKnCHZWSR3qDog8caAPnuqwbDmxxi9qZGISCUguZ5wcFkuynY-R62W5-SRKiFMeRpqvSkjKeg9LLwDEzmtNeHrMLBx9pzPyHWWXXvYpRXgmaWq92/change%20wordle.jpg?rdrts=165047644

Comments
Post a Comment