පතමි නුඹම


බලමි විඳිමි හිමි නැති නුඹ නෙතු මානේ
දකින විටදී සිහි වන්නේ සොඳුරු පුරාණේ
මසිත පුදන පෙමට නැතිද ඉඩක් ලැබෙන්නේ
කුමක් වුවද මසිත නිතර පතමි නුඹ පනේ

පිරුණු කදුළු කවි පෙළකට වෙමිය කතු ලඳේ
එක ගයනු නොහැකි පෙමකි උරුම වූ සඳේ
ළපටි සිතට දැරිය නොහැකි දුකකි මේ සඳේ
නුඹ කෙලෙසද මෙලෙස සිටිනු කියනු මගේ ලඳේ

නුඹ නොදකින සොඳුරු හෙටකි ඇත්තේ මගේ සිතේ
එහි මම රජු හා නුඹ රැජිණිය වෙමුද සඳ වතේ
නුඹේ මුහුණේ මම දකිනා ප්‍රේමේ මගේ සිතේ
නොහැක නිවනු පවතින තුරු හිරුද සඳු සිතේ

නුඹ එනවිට මගේ හදවත ඉපිල යයි පනේ
නුඹ යන විට ඒ හදවත රිදුම් දෙයි පනේ
නුඹ මගේ නොව ලෙස දුටු සඳ සිටිනු බැරි පනේ
ඇයි මෙලෙසට දුක මට දී යන්න යනු පනේ

Image source: https://rhodawong.files.wordpress.com/2015/11/img_3833.jpg

Comments

Popular Posts