විදුලිය නැති ලොව!!

එදා හුන් ලිය නැතුව බැරි උනි ඉසින පිසිනා වැඩ නිසා...
එ ලිය මදි විට ගෙවිලියන් හුනි කුඹුරු කෙටුමට ගම පසා...
එසේ හුන් ලිය උනා කම්මැලි ගමට ආ විදුලිය නිසා...
නැතුව බැරි ලිය වටින විදුලිය නැතුව අසරණ මෙ මිනිසා...

මිනිසා කලක්කල් ගෙවුවද විදුලියෙන් කල වෙනස කියා නිම කොළ නොහේ. මන්ද යත් අනාගත දියුණුවට වින වනාහිද ගුණ වනාහිද කරන්නේ විදුලියයි. ඒ කෙසේද යත් මිනිසාවිදුලිය සොයා ගත දා සිට ඉදිරි පියවර තැබුවේ විදුලි රැහැන් මත සිටය. සාහිත්‍ය හැරුණු විට විදුලිය නැතුව බිහිවුයේ ඉතාමත් අල්ප නිමවුම් කිහිපයක් පමණි. රථයක් හැදුවත් විදුලියෙනි, සන්නිවේදනෙත් විදුලියෙනි, අන් සියල්ලද විදුලියෙනි. එය මානව ඔප් නැංවෙන්නේ විදුලිය විසන්දි වූ විට පමණි. කළහැකි යමක් කීමට නොහැකි වුවද තාක්ෂණ දියුණුවේ සීමාව වී ඇත්තේ ඉලෙක්ට්‍රොනයයි. තාක්ෂනය අද දියුණු වන්නේ එක රිටක් ඔස්සේ නොවේද? අපට එතරම්ම රාමුවෙන් පිට දැකීමට නොහැක්ද?

Comments

Popular Posts