රුව ගුණ වරුණ


නැත නෙතු මානේ - මගේ අදර ලඳේ
ඇත හිත මානේ - සුවඳ ඔබේ ළයේ

දුක ඇති මොහොතේ - සොයමි ඔබේ සුවේ
සැප ඇති මොහොතේ - නුඹය මගේ ලොවේ

මිහිරි බස් ඔබේ - කොවුල් හඬ වාගේ
උණුසුම ඔබේ - ළහිරු රෂ්මි වගේ

සිනිදු සම ඔබගේ - පිච්ච පෙති වාගේ
ඔබය ලොව මගේ - සැපකි නුඹ මගේ

Image source: http://s3.favim.com/orig/43/beach-girl-photography-sunset-water-Favim.com-363113.jpg

Comments

Popular Posts