මා හැර ඈ පියමන් කරාය...
සිව් විසි වසරකට පෙර එම ආදර අන්දරය අරඹුණි...
ඇගේ කැමත්තෙන් මා නම අනුරාධ ද, පියගෙ කැමැත්තෙන් සංජීව ද වීමි...
කුඩා කල මාද මා සොහොයුරුද ඇගේ ඇකයේ කිරි බී සැටි මා හට අද මෙන් මතකය...
මා, පිය කිහිල්ලේද, ම සොහොයුරු මව් කිහිල්ලේද නිද්‍රා ගත වූ අයුරු ද ඒ උනුසුම ද තවද හැඟේ...
අප දෙදෙනා පියාට කිව නොහැකි සැම මව්ට කියූ සැටිද. ඒවා අප්පච්චීට කියන්නැයි කියා තරවටු කලර්මු...
ප්‍රථම පෙම ඇයට කීවේ කෙටි පණිවුඩයකිනි... මා තුන් විසි වියේ වුවද එය බොහෝ අවස්ථා වලදී එසේම විය...
ඈ කිසිදා මා තනිව පංති නොයැව්වාය... බොහෝ දිනහි මා රථය වෙත පැමිණියේ යම් අහරක් සිතේ මවන් විය... එවිට ඈ මා පිළිගත්‍තේ "මෙන්න කෑම, කමු. ඔයා එනකන් හිටියෙ කන්නේ නැතුව" යන්නය...
ඇති තරන් කාමර තිබුනද අප නිවසේ ඇත්තේ එක නිදි යහනකි...
ඇය පැවසුවේ "දැන් නැතුව වෙන කවද ළමයි එක්ක ඉන්නද" යන්නය...
මාද, සොහොයුරුද විවිද ජයග්‍රහන ලැබූ කල එවන් සුවක් ඇයට නොවීය...
අප පවුල ඇගේ ආත්මීය ආයෝජනය විය...
ඈ රෝගී වී අප හැර ගියාය... කඳුළු බිඳු හෝ බෙහෙත් බිඳු ඈ සුරකිනු නොහැකි විය...
ඈ එක් දෙයක් කීය... "ඔය දෙන්න තමයි මම, කවදත් හොඳින් සමඟියෙන් ඉන්න"
ඈ නිසල විය, කඳුලු සලිත විය...
Image source: https://s-media-cache-ak0.pinimg.com/736x/b4/db/e5/b4dbe55b5436dd66cbcf3696f7af9678.jpg

මවකගෙ ආදර ගුණයට නිම්හිම් නැත
ReplyDeleteඇය නුඹට දුන් දිවිය කරන් සුභාවිත
නුඹෙ සඵල දිවිමග ඇගෙ එකම කැමත්ත
ඇය සුරඟනක වී නුඹ සුරකිනු ඇත
😔😢
Delete