දුටු ඒ මොහොතේ
වැනි නිළි රත්-රන් මෙන් පෙනෙන සොබා
සැණකෙළි හද තුල නට වමින් සොබා
ලැබුමට මන හද පින් කලෙද සොබා
දැක්මෙන් නෙත්-නෙත් පෙම් වඩයි සොබා
පොත් ගත් අතින් ඇවිදන් එන විටදි ලතා
සිත් ගත් මුවින් නගනා ඒ කොමල ලතා
දෙකොපුල් තුලින් මතු වෙන රත් කොපුල් ලතා
දැක මගේ හදවතින් බේරෙයි ඔමරි ලතා
සැරසී වැනි ලිහිණි සුන්දර ලඳකි සදා
විසිරී ගොසින් ඇති හද එක් කරති සදා
ලියන කවියේ අන් නොව ඒ නුඹය සදා
මෙවන් සොඳුරු කව් සිත් දෙන දෙව්කි සදා
Image source: https://www.vitamindcouncil.org/wp-content/uploads/2012/07/girl-flip-flops-and-sunset.jpg

Comments
Post a Comment