එක්ව පියමු
මා සිත් උනිය සොතැවුලින් කනස්සළු
නුඹ විත් එකලු කරලා මගේ දිවිය මුළු
සතුටු සිනහ මවලා මගේ හදෙහි මුළු
අනඟි උණිය මගේ දිවියම නුඹෙන් මුළු
පතමි සතුට නුඹගේ ලඳුනි සිතින් මුළු
නිතර බලමි කරනු කෙලෙස සිනහ සුළු
නොදනී කෙලෙස සාර්ථකද මසිත් මුළු
නුඹගේ සිනහ මවති මසිත රන් මුකුළු
සරසා මලින් දකිනා කල දැකුම් කළු
කියනා බසින් අසනා විට ම කන් කළු
නුඹ මා සිත් නාවන කල පෙමින් මුළු
කරති සොඳින් නුඹ මා දිවි මසිත් කළු
දකිනා සෑම විටදිම ඔබ දැකුම් කළු
මහද පිනයි මින් මෙන් දිය කඩෙහි සුළු
රැඳෙන් සොඳුර මා දිවියෙහි පෙමින් මුළු
එක්ව පියමු මල් මාවතේ දෙසිත් කළු
Image source: https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjsMATMe2ZDHDkbL8ZSakqxo-5PX5WjjFpl_hPX_wjmug8WSZ7OzMZIjiMIffvYkU6SNSqx19I-oG6dkS0ToRFr9zcEoApylr0nA10NkSyWwGG5NUGFPVoOs5f1ufBFEgyorxSXOjBVxwI/s1600/IMG_4951.JPG
Comments
Post a Comment